හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද පෙරවරුවේ

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයේ යෙදී තිබෙනවා.

අවුරුදු නැකත් සීට්ටුවට අනුව හිසතෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අද (16) පෙරවරු 9.41ටයි.

රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම යෝග්‍ය බවයි නැකත් සීට්ටුවේ දැක්වෙනේ.

මේ අතර, මෙවර අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් 17වන සඳුදා පූර්වභාග 6.28ට යෙදී තිබෙනවා.