වෙළඳසැලක් ගිනිගෙන විනාශ වෙයි

රෙදිපිලි මැසිමේ වෙලඳසැළක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. ඒ දික්ඔය නගරයේ දරවල, මාර්ගයේ පිහිටි වෙලඳසැළක්. මෙම සිදුවිම ඊයේ (06) රාත්‍රි 7ට පමණ සිදුවි තිබේ. මෙම ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු වි නොමැත. මෙම වෙළදසැලේ තිබූ රෙදි මැසිමේ යන්ත්‍ර දෙකක් සහ රෙදිපිලි විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ප්‍රදේශවාසින් එක්ව පාලනය කර ඇති අතර ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ. විදුලි කාන්දුක් හේතුවෙන් මෙම ගින්න හටගන තිබෙනවා.