එස්. අයි. ගමන් බෑග් එක පුච්චලා.. තිබුණේ ගේ පිටිපස්සෙ..

කුරුවිට තරුණීයගේ සිරුර වේල්ලවීදියට ගෙනැවිත් දැමු සැකකාර උප පොලිස් පරික්ෂකවරයා බඩගම මෙහෙරගොඩ පිහිටි සිය නිවස පිටුපස ගමන් බෑගයක් පුළුස්සා දමා තිබියදී පොලිසිය විසින් එහි කොටස් ඊයේ (05 වැනිදා) සොයාගෙන ඇත.

සැකකාර උප පොලිස් පරික්ෂකවරයා විසින් පුළුස්සා දමන ලද බෑගයේ තරුණීයගේ හිස කොටස තිබුණේද යන්න සොයා විමර්ශනයක් ආරමිභ කර තිබේ. මේ අතර සැකකරුගේ නිවස අවට ප්‍රදේශය පුරා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් ඊයේ දවස පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් තරුණියගේ හිස කොටස සෙවීමට කටයුතු කළ බව මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම මහතා පැවසීය.

මේ වනවිට සිදුකර ඇති විමර්ශනවලට අනුව සැකකාර උප පොලිස් පරික්ෂකවරයා තරුණීයගේ සිරුරේ කවන්ධය සහිත ගමන් බෑගය වේල්ලවීදිය ප්‍රදේශයේ අතහැර දමා පසුව ඔහු ඇඳ සිටි ඇඳුම් කිසියම් ස්ථානයකදී මාරු කර සුදු පැහැ ටීෂර්ට් එකකින් සැරසී පිටකොටුවෙත් මොනරාගල බලා යන බස් රථයකට ඉකුත් 01 වැනිදා සවස 4.30 ට නැග තිබුනි.

සැකකරු මෙම බස් රථයට ගොඩවන ආකාරය සීසීටීවී දර්ශන වලින් පොලිසිය සොයාගෙන තිබේ. උප පොලිස් පරික්ෂකවරයා රැගත් බස් රථය රත්නපුර මාර්ගය ඔස්සේ මොනරාගල බලා ධාවනය වී ඇති අතර පැල්මඩුල්ල ප්‍රදේශයේ වෙළෙඳසලක් අසල රාත්‍රි තේ පානය කිරීමට නතර කර ඇත.

බස් රථය නතර කර තැබූ ආපනශාලාව පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඒ අවට ප්‍රදේශය ද පරික්ෂාවට ලක්කර ඇති අතර තරුණියගේ හිස පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොතිබිණි. මෙම බස් රථය එදින රාත්‍රි 11.45 ට පමණ බුත්තල නගරයට පැමිණ ඇති අතර සැකකරු ඉන් බැස ගොස් තිබේ. එහිදී සැකකරු තම මිතුරකුට දුරකථනයෙන් කතාකර ඔහු බුත්තල නගරයට ගෙන්වාගෙන ඔහුගේ යතුරුපැදියේ නැගී කිලෝමීටර් 9 ක් දුරින් පිහිටි බඩල්කුඹුරේ නිවස වෙත ගොස් ඇත.

සැකකරු නිවසට ගිය අවස්ථාවේ එහි දොර විවෘත කර ඇත්තේ ඔහුගේ වැඩිමහල් දියණිය විසින්ය. පසුව ඔහු ඇගපත සෝදා ගැනීමට නාන කාමරය වෙත ගිය අවස්ථාවේ බිරිඳ සහ දියණිය ඔහු ගෙන ආ ගමන් බෑගය පරීක්ෂා කර ඇත. ඒ අවස්ථාවේ ජංගම දුරකථනයක් චාජර් කීපයක් සහ විශාල හිස් ගමන් මල්ලක් එම බෑගය තුළ තිබූ බව සැකකරුගේ බිරිඳ පොලිසියට ප්‍රකාශ කර ඇත.

සැකකාර උප පොලිස් පරික්ෂකවරයාගේ සොහොයුරියක් ද මීට මාස කීපයකට උඩදි සියදිවි හානිකරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළිවිය. අනියම් සම්බන්ධයක් දුරදිග යැම ඇය සියදිවි නැතිකර ගැනීමට හේතුවී තිබූ බව ද පොලිසිය පවසයි. මේ අතර සැකකරු පදිංචි නිවස ආසන්නයේ පිහිටි අතහැර දැමූ පාළු ළිඳකට තරුණියගේ හිස දමන්නට ඇති බවට මතුවූ සැකය නිසා එම ළිඳ පරික්ෂා කිරිමට පොලිසිය ඊයේ සවස කටයුතු කරමින් සිටියහ.

සම්බන්ධිත පුවත්..

බුත්තල SI ට පොලිස් ගෞරව නෑ.. මිනියට නිල ඇදුම් අන්දවන්නෙත් නෑ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32