ඉන්දීය යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දියාවේ යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් භාරත් ලාල් මහතා ,ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සමඟ ඊයේ (01) ජනපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා උපකාර කරන්නේ කෙසේද යන්න සහ ඵලදායී අධීක්ෂණ ක්‍රියාමාර්ග හඳුන්වා දීමෙන් රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම භාරත් ලාල් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ යි.

මහජන සේවාවන් සැපයීම සඳහා තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමෙන් ඉන්දියාව කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති අතර ඒ හරහා රුපියල් බිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිව තිබෙන බව ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය පාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහාය වන ලෙසටයි ජනාධිපතිවරයා මෙහිදී භාරත් ලාල් මහතාගෙන් ඉල්ලා සිටියේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මේ අවස්ථාවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23