ඇමරිකාවේ ටොනේඩෝ මාලාවකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

ඇමරිකා එක්සත් ජනපදය හරහා ඇති වූ ටොනේඩෝ මාලාවකින් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ප්‍රාන්ත කිහිපයක විනාශයක් ඇති කළ ටොනේඩෝවලින් පසු නිවාස විනාශ වූ අතර දහස් ගණනකට විදුලිය ද විසන්ධි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ටෙනසිහි, ඉලිනොයිස්, ඉන්දියානා, ඇලබාමා සහ මිසිසිපි ප්‍රාන්තවලට ටොනේඩෝවෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.

ආණ්ඩුකාර සාරා හකබී සැන්ඩර්ස්, ආකැන්සාස් ප්‍රාන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, සහන සේවා සඳහා ආරක්ෂක නිලධාරීන් යොමු කර ඇතැයි සඳහන්.

ෆෙඩරල් රජයේ ආධාර ලබා දෙන බවට පොරොන්දු වූ ජනාධිපති ජෝ බයිඩන් සමඟ ද තත්වය ගැන කතා කළ බවයි ඇය පැවසුවේ.

දරුණු ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇතිවීමේ හැකියාව ඇතුළුව කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම් ජාතික කාලගුණ සේවය නිකුත් කර තිබෙනවා. එමෙන්ම තද සුළං සමග හිම කැට ද පතිත විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

එක්සත් ජනපද රජයේ කුණාටු අනාවැකි මධ්‍යස්ථානයට අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ප්‍රාන්ත ගණනාවක් පුරා ටොනේඩෝ 60 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

එක්සත් ජනපදයේ PowerOutage වෙබ් අඩවියට අනුව රටේ ප්‍රාන්ත කිහිපයක, 590,000 කට අධික පිරිසක් විදුලිය නොමැතිව සිටිනවා.

වඩාත්ම මාරාන්තික කුණාටුව මිසිසිපි දේශසීමාව අසල මැක්නයිරි ප්‍රාන්තයේ සිදු වූ බවයි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය සතියේ ද ඇමරිකාවේ මිසිසිපි ඇතුලු ප්‍රන්තවලට බලපෑ ටොනේඩෝ මාලාවකින් පුද්ගලයන් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.

පසුගිය සතියේ මිසිසිපි සුළි කුණාටුව සැතපුම් 59ක් (කිලෝමීටර 94ක්) ගමන් කර පැයකුත් විනාඩි 10ක් පමණ කාලයක් පැවතුණා. ඉන් නිවාස 2000කට පමණ හානි සිදුව ඇති බවයි බලධාරීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17