ශ්‍රි ලංකාවෙන් මුලින්ම කොරෝනා වෛරසය වැලදුණ සංචාරක මාර්ගෝපදේශකවරයාගේ රුධිර පරීක්‍ෂාවක් සිදු කිරීම සදහා ඔහුගේ රුධිර සාම්පල ලබාගෙන තිබේ.
මෙසේ ඔහුගේ රුධිර සාම්පල ලබාගෙන ඇත්තේ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා අධ්‍යක්‍ෂ ධුරය දරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ ජෛව විද්‍යා ආයතනය මගිනුයි.
මෙරටින් වාර්තා වූ මුල්ම කොරෝනා රෝගියා ලෙස 2020 වසරේ මාර්තු මස 11 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සිදු කළ පී.සී.ආර්. පරීක්‍ෂණයකදී ඔහු හදුනාගනු ලැබුවා. කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ඔහුගේ ශරීරයේ ප්‍රතිදේහජනක පරීක්‍ෂා කර බැලීම සදහා මෙසේ රුධිර පරීක්‍ෂාවක් සිදු කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















