දියාරු පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකාව අන්ත පරාජයක් වැළඳගනී

නවසීලන්තය සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට බින්දුවක පරාජයක් වැළඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (31) සිදු වුණා.

ඒ, දෙරට අතර පැවති තුන්වන සහ අවසන් තරගය ශ්‍රී ලංකා කඩුලු 06කින් පරාජයට පත්වීමත් සමඟයි.

මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සඳහා සුදුසුකම් ලබා ගැනීමේ වටයට තරග කිරීමට සිදුවනවා.

අද තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 03ක් තුළ සියල්ලන් දැවී ලකුණු 157කට සීමා වුණා.

එහිදී ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ගේ දියාරු තරග රටාව අද දිනයේදීත් මනාව ප්‍රදර්ශනය වූ අතර, අද තරගයේ දී තරමක් හෝ සාර්ථකත්වය පත් වූ පිතිකරුන් බවට පත් වුණේ පැතුම් නිස්සංක සහ නායක දසුන් ශානක පමණයි.

අනෙකුත් පිතිකරුවන්ට සාර්ථකවීමට නවසීලන්ත වේග පන්දු බලඇණිය ඉඩලබා නොදුන් අතර, එහිදී මැට් හෙන්රි, හෙන්රි ෂිප්ලි සහ ඩැරල් මිචෙල් කඩුලු තුන බැගින් දවාගත්තා.

ලකුණු 158ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත පිතිකරුවන් එම ඉලක්කය පන්දුවාර 32යි පන්දු 05ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී පසුකර ගියා.

එහිදී නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය විල් යං නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර, හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 44ක් රැස් කළා.

දෙරට අතර පැවති පළමු තරගයෙන් නවසීලන්තයට ලකුණු 198ක දැවැන්ත ජයක් හිමි වූ අතර, දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුනා.

ඒ, අනුව තෙවන තරගය කඩුලු 06කින් ජයගත් නවසීලන්තය එක්දින තරගාවලියේ ශූරතාවට හිමිකම් කීමට සමත් වුණා.

අවසන් තරගයේ වීරයා ලෙස විල් යං සම්මාන ලැබුවා.

මේ අතර නවසීලන්ත කණ්ඩායම වසර අටකින් සිය මව්බිමේ දී ශ්‍රී ලංකාව ඉදිරියේ එක්දින තරගයක් පරාජයට පත්ව නිමති වීමට විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?