ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තර හෙට සිට හෝටල් සහ බේකරි වෙත (වීඩියෝ)

ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ බිත්තර අද මධ්‍යම රාත්‍රියේ වරායෙන් නිදහස් කෙරෙන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

හෙට (30) සිට හෝටල් සහ බේකරි හිමියන් වෙත බිත්තර නිකුත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ.

එම අමාත්‍යංශය සඳහන් කළේ, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය අපේක්ෂාවෙන් වරායේ රඳවා තිබු එම බිත්තර තොග අද නිදහස් කර ඇති අතර ඒවා හෙට දිනයේ සිට රුපියල් 35ක මිලකට බෙදා හරින බව යි.

ඉන්දියාවෙන් ආනයනය කළ මිලියන දෙකක පළමු බිත්තර තොග රැගත් නෞකාව කොළඹ වරයට පැමිණියේ පසුගිය 23 වනදායි.

බිත්තර තොගය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි වී ඇත්තේ, ඉන් දින හයකට පසුවයි.

අදාළ බිත්තර රුපියල් 35ක මිලක් යටතේ හෝටල් සහ බේකරි හිමියන්ට රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවෙන් ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.

දිගින් දිගට ම විදේශයන්ගෙන් සිට බිත්තර මෙරටට ආනයනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියාසිටියේ.

දේශීය වශයෙන් බිත්තර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා බලාපොරොත්තු වන අතර ඉදිරි මාස දෙක තුන තුළ සැලකිය යුතු මට්ටමින් මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ වසර අවසන් වන විට මෙරට බිත්තර නිෂ්පාදනය ඉහළ නංවා බිත්තර මිල අඩු කිරීමට හැකි වනු ඇතැයි ද ඇමතිවරයා විශ්වාසය පළ කරනවා.

https://www.youtube.com/watch?v=pCS4d1fTTfo


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42