කීරි සම්බා කියමින් වෙනත් හාලක් විකිණූ ගම්පහ සතොස ශාඛාවකට වැඩ වරදියි

කීරි සම්බා සහල් බව පවසමින් පාරිභෝගිකයෙකුට කීරි සම්බා නොවන වෙනත් සහල් වර්ගයක් අලෙවි කළ සතොස ශාඛාවකට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ගම්පහ ප්‍රදේශයේ සතොස ශාඛාවකට එරෙහිව මෙම නීතිමය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාරිභෝගිකයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ගම්පහ ප්‍රදේශයේ සතොස ශාඛාවක් මඟින් ලබාගත් කීරි සම්බා ලෙසින් අලෙවියට තිබූ සහල් සාම්පලයක් බතලගොඩ වී පර්යේෂණ ආයතනය විසින් පරීක්ෂාවට ලක්කර ලබාදී ඇති වාර්තාව පදනම් කරගනිමින් මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

පාරිභෝගිකයකු පසුගිය ජනවාරි 26 වනදා ගම්පහ ප්‍රදේශයේ සතොස ශාඛාවකින් මිලදීගත් කීරි සම්බා කිලෝ 05ක ප්‍රමාණය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත මේ පිළිබඳව ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා වෙත දැනුම් දී ඇති අතර, මේ පිළිබඳව සොයා බලන ලෙසට පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය දැනුවත් කර තිබෙනවා.

ඒ, අනුව නිලධාරීන් විසින් එම සතොස ශාඛාවේ අලෙවියට තිබූ කීරි සම්බා සහල් සාම්පල ලබා ගනිමින් මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42