spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කීරි සම්බා කියමින් වෙනත් හාලක් විකිණූ ගම්පහ සතොස ශාඛාවකට වැඩ වරදියි

කීරි සම්බා සහල් බව පවසමින් පාරිභෝගිකයෙකුට කීරි සම්බා නොවන වෙනත් සහල් වර්ගයක් අලෙවි කළ සතොස ශාඛාවකට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ගම්පහ ප්‍රදේශයේ සතොස ශාඛාවකට එරෙහිව මෙම නීතිමය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාරිභෝගිකයෙකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ගම්පහ ප්‍රදේශයේ සතොස ශාඛාවක් මඟින් ලබාගත් කීරි සම්බා ලෙසින් අලෙවියට තිබූ සහල් සාම්පලයක් බතලගොඩ වී පර්යේෂණ ආයතනය විසින් පරීක්ෂාවට ලක්කර ලබාදී ඇති වාර්තාව පදනම් කරගනිමින් මෙලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

පාරිභෝගිකයකු පසුගිය ජනවාරි 26 වනදා ගම්පහ ප්‍රදේශයේ සතොස ශාඛාවකින් මිලදීගත් කීරි සම්බා කිලෝ 05ක ප්‍රමාණය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත මේ පිළිබඳව ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා වෙත දැනුම් දී ඇති අතර, මේ පිළිබඳව සොයා බලන ලෙසට පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය දැනුවත් කර තිබෙනවා.

ඒ, අනුව නිලධාරීන් විසින් එම සතොස ශාඛාවේ අලෙවියට තිබූ කීරි සම්බා සහල් සාම්පල ලබා ගනිමින් මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?