තමන් බොහෝ කණගාටු වන්නේ කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් වසරක් තිස්සේම ආදාහනය කිරීමට නොහැකි වීම ගැන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකර් මහතා පවසන්නේ.
ඉස්ලාම් ආගම අනුව මෘතදේහය පැය විසි හතරක් තුළ භූමදානය කළ යුතු බවත් ඒ සදහා දේහය රැගෙන යන විටදී පවා රිදවීමක් නොකර ගෙනයා යුතු බවත් තම ආගමික විශ්වාසය බවත් ඔහු සඳහන් කළා.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ප්‍රශ්නකර සිටින්නේ මුස්ලිම් ජනතාවට වසරක් තුල කොතරම් අසහනයක් තිබුණේ ද යන්නයි. ඉම්රාන් ඛාන් අගමැතිවරයා මෙරට පැමිණි පසුව එම මරණ භූමදානය කිරීමට අවසර ලබා දුන්නද ආණ්ඩුව නැවතත් විවිධ හේතුවන් පවසමින් එම තීන්දුව පසුපසට දමමින් සිටින බව ද ඔහු කියා සිටියේය.














