ශානි ඇතුලු 03 දෙනා යළි රිමාන්ඩ්

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුලු සැකකරුවන් 03 දෙනා ලබන 17 වෙනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධ ගිනි අවි නඩුවට අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන්. ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතායි නියෝගය ලබාදුන්නේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර / ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන ලද හිටපු උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් තිදෙනා.

මෙම නඩුවේ 04 වන සැකකරු වන නවරත්න ප්‍රේමතිලක යන අයගෙන් බන්ධනාගාරය තුල දී 05 වතාවක් අධිකරණ නියෝග මත ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇතැයිද කොළඹ අපරාධ කොට්ඨාශය අද (03) අධිකරණයට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?