රුපියල් කෝටියකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

රුපියල් කෝටියකට ආසන්න වන අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් හයසියයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා

රත්මලාන මහින්දාරාම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කිසියම් පුද්ගලයෙකුට අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ලබාදීම සඳහා ධර්මාරාම ප්‍රදේශයට පැමිණෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඇඳක මෙට්ටයක් තුළ ඉතා සූක්ෂම අයුරින් සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි රටේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන එල්ලාවලගේ ධර්මසිරි නොහොත් පැටියා නැමැති ජාවාරම්කරුට මෙම මත්ද්‍රව්‍ය අයත් බව සඳහා අනාවරණය කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය

එම පුද්ගලයා එරට සිට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ලබා දෙන උපදෙස් මත ගල්කිස්ස රත්මලාන මොරටුව පිලියන්දල දෙහිවල ආදී ප්‍රදේශ වලට අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් බෙදා හරින බවට වැඩිදුරටත් අනාවරණය කර

අත්අඩංගුවට ගත් 36 හැවිරිදි සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෘත්තීය අධ්‍යාපනය ගැන රෝහිනී කට අරියි..NVQ Level 4 කරපු අයට විශ්වවිද්‍යාලයට එන්න ඉඩ දෙන්න
07:57
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.08
27:16
Video thumbnail
දෙනියායේ දරුවන් අතර පැතිර යන රෝගය ගැන විශේෂ හෙළිදරව්වක්
04:22
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කපිල චන්ද්‍රසේනගේ සිරුර පොලිස් මෘතශරීරාගාරයට රැගෙන ගිය හැටි
05:21
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ ම#ණය පිටිපස්සේ ඉන්නේ කවුද..?
08:28
Video thumbnail
රාජාංගනේ සද්ධාරතන හිමිව පන්සලටම ඇවිත් අත්අඩංගුවට ගත් හැටි.."ජංගම දුරකථන තියෙනවද ? කෝ දැන්"
00:59
Video thumbnail
ශ්‍රීලන්කන් හිටපු CEO කපිලගේ නිසල සිරුර නිවසින් රැගෙන ගිය හැටි
01:18
Video thumbnail
කපිලට දැඩි මානසික පීඩාවක් ලබා දීලා ?.. කපිල ගැන පොහොට්ටුවේ රමේෂ් එළියට දාපු දේ..
02:21
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යෑම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්..නම් එක්ක එළියට දාපු දේ
09:23