spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් කෝටියකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

රුපියල් කෝටියකට ආසන්න වන අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් හයසියයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා

රත්මලාන මහින්දාරාම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කිසියම් පුද්ගලයෙකුට අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ලබාදීම සඳහා ධර්මාරාම ප්‍රදේශයට පැමිණෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඇඳක මෙට්ටයක් තුළ ඉතා සූක්ෂම අයුරින් සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි රටේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන එල්ලාවලගේ ධර්මසිරි නොහොත් පැටියා නැමැති ජාවාරම්කරුට මෙම මත්ද්‍රව්‍ය අයත් බව සඳහා අනාවරණය කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය

එම පුද්ගලයා එරට සිට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ලබා දෙන උපදෙස් මත ගල්කිස්ස රත්මලාන මොරටුව පිලියන්දල දෙහිවල ආදී ප්‍රදේශ වලට අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් බෙදා හරින බවට වැඩිදුරටත් අනාවරණය කර

අත්අඩංගුවට ගත් 36 හැවිරිදි සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?