කැගල්ල ශාන්ත ජෝශප් බාලිකා ප්‍රාථමිකය අසල ජනවාරි මස 24 වැනි දින රාජකාරියේ යෙදී සිටි කැගල්ල පොලිස් ස්ථානයට අනුයුක්ව සේවය කරන කාන්තා පොලිස් සැරයන් (5369) ඉනෝකා මල්කාන්ති මහත්මිය විසින් එදින පියා සමග පැමිණි දැරියක් මෝටර් රථයෙන් බැසීමේ දී ගොතා තිබූ කොණ්ඩය විසිරීයෑම නිසා පියා හා එම දැරිය මහත් අපහසුතාවයට පත්වූ අවස්ථාවේදී එම දැරියට පිහිටවී ඇත.
පියා විසින් කිහිප වරක් දැරියගේ කොණ්ඩය ගෙතීමට උත්සහා කළත් එය අසාර්ථක විය. එහිදී අසල සිටි පොලිස් නිලධාරිනිය දැරියගේ කොණ්ඩය ගොතාදීමෙන් ඇයට නියමිත වේලාවට පාසලට යාමට හැකිවිය.
දැරියගේ පියා විසින් මුහුණු පොතේ පොලිස් නිලධාරිනිය කළ උපකාරය පිළිබඳව ස්තුතිය පල කිරිමෙන් පසුව පොලිස් පතිවරයාගේ අවධානය මේ පිළිබදව යොමුවීමෙන් අදාළ පොලිස් නිලධාරිනියගේ සේවය ඇගයීම වෙනුවෙන් රුපියල් දස දහසක ත්‍යාගයක් පිරි නැමීමට කටයුතු කරන ලදී.
අදාළ නිලධාරිනියට ත්‍යාග මුදල ප්රදානය කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ කාර්යාලයේ දී සිදු කෙරිණි.




