“රන් මහා සටන” ලබන 24 සහ 25 පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී (ඡායාරූප)

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන “රන් මහා සටන” ක්‍රිකට් තරඟය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා (15) පැවැත්වුණා.

එහිදී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළ මාර්තු මස 24 සහ 25 යන දිනයන් හිදී පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී “රන්මහා සටන” දෙදින තරඟය පැවැත්වෙන බවයි.

එමෙන්ම එක්දින තරඟය අප්‍රේල් මස 08 වනදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බවත් සඳහන් කර සිටියා.

සියලු දෙනා ඉතා සංයමයකින් සහ විනයකින්, ක්‍රීඩාවේ උතුම් ගුණාංග සනිටුහන් කරමින් ක්‍රියාකළ යුතු බවත් පෙන්වා දුන් විදුහල්පතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ පාසල් ද්විත්වය අතර පවත්නා සංස්කෘතීන් වලට සහ බැදීම්වලට මෙම තරඟය වැදගත්වන බවයි.

එමෙන්ම කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති A.C පෙරේරා මෙහිදී ප්‍රකශ කළේ විද්‍යාල ද්විත්වයේ දරුවන් අතර සහ ආදි සිසුන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ මූලික පරමාර්ථයෙන් මෙම තරඟය පැවැත්වෙන බවත් එම අදහස සමාජ ගත කිරීම හරහා යහපත් පූර්වාදර්ශයක් සමාජයට සැපයිය හැකි බවයි.

කණ්ඩායම් ද්විත්වයම තරඟය සඳහා මනා සූදානමකින් සිටින බව කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මනුර පීරිස් සහ කොළඹ මහානාම විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සචිර වැලිවත්ත ප්‍රකාශ කර සිටියා.

IMG 1206 copy scaled
IMG 1194 copy scaled
IMG 1176 copy scaled
IMG 1179 copy scaled
IMG 1114 copy scaled
IMG 1140 copy scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36