කේෂව් මහාරාජ්ට මාස 06ක් ක්‍රිකට් අහිමිවෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වන කේෂව් මහාරාජ්ට අවම වශයෙන් මාස හයක් ක්‍රීඩාවෙන් බැහැරව සිටීමට සිදුව තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අතර තුර ආබාධයකට ලක්වීම හේතුවෙන්.

කේෂව් මහාරාජ් කඩුල්ලක් දවාගත් අවස්ථාවේ එය සමරමින් සිටිය දී ඔහුගේ වම් වළලුකරේ අස්ථි බිඳීමකට ලක්ව ඔහු මෙම ආබාධයට ලක් වුණා.

මේ හේතුවෙන් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද කේෂව් මහාරාජ්ට අහිමිව යන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ජොහැන්නස්බර්ග්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලේ කයිල් මේයර්ස්ගේ දැවී යෑම සැමරීම සඳහා දුවද්දී මහරාජ් ඊයේ මෙම ආබාධයට ගොඳුරු වුණා.

ඉන් අනතුරුව ඔහු වහාම රෝහල් ගත කිරීමට කටයුතු කළ අතර, එහිදී සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී යි ඔහුගේ වම්පාදයේ වළලුකරේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවට අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?