සාමාන්‍ය පෙළ ලිවීමට සිටි දියණියට තම පියා කල අපරාධය

දෙවිවරුන් වැනි පියවරුන් අතරේ රාක්ෂයෝ වැනි පියවරුත් මෙලොව සිටි එවැනි රාක්ෂ පියෙක් අද මාර්තු 15 වන දින රිමාන්ඩ් කර තිබෙනවා. ඒ අද දින සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටි දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ආයිත්තම් ඇතුළු නිවසේ තිබූ දේපල ගිනි තබා විනාශ කල හේතුවෙන්.

හේරත් මුදියන්සේලාගේ රවීන්ද්‍ර හේරත් කුමාර නමැති 36 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස රිමාන්ඩ් කර තිබෙනවා. පවුල් ආරවුලක් මත තම නිවස මෙලෙස ගිනිතබා තිබේ.මෙම පුද්ගලයා බීමත්ව ඉකුත් 27 වනදා රාත්‍රි දියණියගේ මවට පහර දී නිවසේ තිබු භාණ්ඩවලට ගිනිතබා ඇති බවයි පොලිසිය පැවසුවේ.‍

– ඉන්දික නුවන්