වට්ස්ඇප් සමූහයකින් ඉවත්කළ කෝපයට පුද්ගලයෙකු ඝාතනය කරලා

වට්ස්ඇප් සමූහයකින් (WhatsApp Group) ඉවත් කළ පුද්ගලයින් තිදෙනෙක් ඊට කෝපයට පත්ව පුද්ගලයෙකු ඝාතනය කළ සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මොවුන් තිදෙනා විසින් වෙඩි තබා මෙලෙස ඝාතනය කර ඇත්තේ ඔවුන්ව වට්ස්ඇප් සමූහයෙන් නෙරපා දැමීමට කටයුතු කළ පුද්ගලයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුරතල් සතුන්ගේ වට්ස්ඇප් සමූහයක් තුළ ඇති වූ ආරවුලක් මත මෙම පුද්ගලයින් තිදෙනා ඉන් නෙරපා දමා ඇති අතර, ඊට කෝපයට පත්වූ මොවුන් විසින් පසුගිය 26 වනදා මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු ඉන්දීය පොලිසිය සැකකරුවන් තිදෙනා ඊයේ (02) දින අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සමඟ දේශීයව නිෂ්පාදිත පිස්තෝලයක්, කාට්රිජ් දෙකක් සහ ස්විෆ්ට් වර්ගයේ මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇතිබවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 23,26 සහ 30 යන වයස්වල පසුවන්නන් වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පටවුඩි පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56