4 දෙනෙකුට මරණ දඬුවම

පිහියකින් ඇන පුද්ගලයෙකු මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු පුද්ගලයින් 4 දෙනකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.

කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් 4 දෙනකුටයි කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා විසින් මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවයි.

ඒ අනුව ඔවුන්ට මෙම දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

2003 වසරේ ජුනි මස 07 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී සිදු වූ අදාළ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

මෙම නඩුවේ එක් විත්තිකරුවකු අධිකරණය මගහැර සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට ද විනිසුරුවරයා විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25