Update – රත්ගම එක්දරු මව ඝාතනයේ තොරතුරු රැසක් හෙළිවෙයි

ඊයේ (26) රාත්‍රියේ රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කළ පුවතක් අද (27) උදෑසන වාර්තා වුණා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 20 හැවිරිදි වියේ පසුවන එක්දරු මවක් බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය කාන්තාවගේ මවගේ මල්ලි විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි මේ වනවිට කරුණු අනාවරණය වී ඇත්තේ.

අදාළ කාන්තාව සහ ඇයගේ මව නිවසේ සිටින අවස්ථාවේ ඊයේ (26) රාත්‍රියේ නිවසට පැමිණි සැකකරු මෙම අපරාධය සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මියගිය කාන්තාවගේ සැමියාගේ නැඟණිය සහ සැකකරුගේ පුතා අතර පවතින ප්‍රේම සම්බන්ධයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු විසින් එල්ල කළ ප්‍රහාරයේ තුවාල ලැබූ මව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර,මියගිය ඇයගේ දියණියගේ මෘත ශරීරය එම රෝහලේම මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !