AFC Banner
Empty Ad
Empty Ad

මාර්තු 9 ඡන්ද විමසීමක් නෑ – මැතිවරණය පැවැත්වෙන දිනය ගැන ප්‍රකාශයක් මාර්තු 3 වනදා

ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මාර්තු 3 වනදා ප්‍රකාශයට පත්කෙරන බව මැතිවරණ කොමිසම පවසනවා.

2023 මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇත්තේ.

අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මැතිවරණ කොමිසම මෙම නිවේදනය නිකුත් කළා.

අද රැස් වූ මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ මාර්තු 9 වන දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ව්‍යවස්ථාපිතව සිදු කළ කාර්යයන් පිළිබඳ තොරතුරු ඇතුලත් වාර්තාවක් සමග ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන භාණ්ඩාගාරය වෙතින් ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙසට ඉල්ලීමක් කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමටයි.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මාර්තු 9 දිනට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ද එදිනට නොපැවැත්වෙන අතර මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු 3 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Election Commission 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?