මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශය මඟින් ලබානොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව එහිදී ඉදිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මඟින් දැනුවත් කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ.

අදාළ මෝසම මඟින් රජයේ මුද්‍රණාලය මඟින් එහි කටයුතු ප්‍රමාද කිරීම, ඛනිජ තෙල් සංස්ථාව මඟින් ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා නොදීම, පොලිස් ආරක්ෂාව ලබානොදීම ඇතුළු කරුණු කිහිපයක් දැනුවත් කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?