ඩොලර් හිඟය නිසා පොලිස් අශ්වයන්ට දේශීය ආහාර

පොලිස් අශ්වයන්ට විදේශීය අහාර වර්ග වෙනුවට දේශීය ආහාර වර්ගවලට හුරු කරවීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය පවසයි.

පවතින ඩොලර් ගැටලුව හේතුවෙන් කොල්ලු, කඩල, බඩඉරිඟු වැනි දේශීය ආහාර වර්ග අශ්වයන්ට ලබාදීමට කළ පරීක්ෂණ සාර්ථකවී ඇති බවයි එම කොට්ඨාසයේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර අශ්වයන් සඳහා විදේශ රටවලින් ආහාර ගෙන්වීමේදී විශාල ප්‍රමාදයක් සිදුවන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහා අශ්වයන් තවත් 12 දෙනකු විදේශයෙන් මිලදී ගැනීමට අනුමැතිය ද ලැබී තිබෙනවා.

පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ දැනට අශ්වයන් 36 දෙනෙකු පමණක් බැවින් රාජකාරි කටයුතු සඳහා එය ප්‍රමාණවත් නොවන බවයි නිලධාරීන් පෙන්වා දෙන්නේ.

පොලිසියේ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා අශ්වයකු රුපියල් ලක්ෂ හතළිහකට වැඩි වටිනාකමකින් යුක්තයි.

පොලිස් අශ්වාරෝහක කොට්ඨාශයේ අශ්වයන් කිහිප දෙනකු වයස්ගත වීම සහ අසනීප තත්වයේ පසුවන අතර වයස්ගත අශ්වයෙකු පසුගිය මාසයේදී මරණයට පත් වුණා.

විදේශ විනිමය හිඟය පසුකාලීනව ආර්ථික හා දේශපාලන අර්බුදයක් බවට පත් වීම හේතුවෙන් සැකසූ සත්ව ආහාර සහ ආහාර සඳහා අමුද්‍රව්‍ය ඇතුළු බොහෝ ආනයන තහනම් කර තිබෙනවා.

ආනයනික පොහොර තහනම හේතුවෙන් දේශීය ආහාර නිෂ්පාදනයට ද බලපෑම් එල්ල වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කෘෂිකාර්මික නිෂ්පාදන පහත වැටීම සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?