තම පැමිණිල්ලට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා පුද්ගලයෙක් මාරාන්තික උපවාසයක

තමාට සිදුවූ පහරදීමක් සම්බන්ධයෙන් වර්ෂ 2018 වසරේ දී එප්පාවල පොලිසියට සිදු කළ පැමිණිල්ලකට, මෙතෙක් එම පොලිස් ස්ථානයෙන් නිසි රාජකාරියක් සිදු කර, සාධාරණයක් ඉටු නොකළ බවට චෝදනා කරමින් එප්පාවල පොලිස් ස්ථානය ඉදිරිපිට අද උදෑසන සිට පුද්ගලයකු මාරාන්තික උපවාසයක් අරඹා තිබෙනවා.

මෙලෙස මාරාන්තික උපවාසය අරඹා ඇත්තේ එප්පාවල කදුරුගස්වැව පුදේශයේ පදිංචි පුද්ගලයෙක්.

2018 වර්ෂයේදී ඔහු කුඹුරකට වතුර හැරවීමට ගිය අවස්ථාවේ තවත් පුද්ගලයකු තමන්ගේ කණට පහර දීමක් සිදු කළ බවත්, එම පහරදීමෙන් තමාගේ කනට සිදු වූ තුවාල හේතුවෙන් දින 05 ක් රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ බවයි, ඔහු සිද්ධිය විස්තර කරමින් පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානයේ එවකට සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තම පැමිණිල්ලට අදාළ රාජකාරී කටයුතු නිසි ලෙස ඉටු නොකර තමන්ට සාධාරණයක් නොකළ බවට පැමිණිලිකරු චෝදනා කරනවා.

පැමිණිල්ලට සාධාරණයක් ඉටු නොවූ නිසා ඒ සම්බන්ධයෙන් විමසීමට එප්පාවල පොලිස් ස්ථානයට අවස්ථා කිහිපයකදී ම ගොස් ඇති අතර එම අවස්ථාවලදී පොලිස් ස්ථානයේ නිළධාරීන් ඔහුට බැණ වැදී එලවා ගෙන තිබෙනවා.

නැවත පොලිස් ස්ථානයට නොගොස් මේ සම්බන්ධයෙන් විමසීම් කළ අතර එම අවස්ථාවලදී ද පොලිස් නිලධාරීන් තමන්ට පරුෂ වචනයෙන් බැන වැදුනු බවටයි උපවාසකරු පැවසුවේ.

එප්පාවල පොලිස් ස්ථානයෙන් තමන්ට සිදුව ඇති මෙම අසාධාරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව,
සහ පොලිස්පති කාර්යාලය ඇතුළු ස්ථානවලට පැමිණිලි 33 ක් මේ වනවිට ඉදිරිපත් කර ඇතත් ඒවායින් ද මෙතෙක් සාධාරණයක් ඉටුවී නොමැති බව ඔහු ප්‍රකාශ කළා.

විරෝධතා පුවරු ද අතැතිව එප්පාවල පොලිස් ස්ථානය ඉදිරිපිට මාර්ගයේ පිහිටි ගසක් මුල තමන්ගේ පැමිණිල්ලට සාධාරණයක් ඉටුවන තුරු ආරම්භ කළ මාරාන්තික උපවාසය අත්නොහරින බව එම පැමිණිලිකරු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසිය පාරට බැහැලා අමතර උපාංග සවිකළ වාහන සේරම අල්ලයි - මොනවද මේ පැති කණ්නාඩි?
03:18
Video thumbnail
කතරගම මහ පෙරහැර බලන්න ආපු මහින්ද රාජපක්ෂගේ නෙත් මානයේ ඉඳන් වෙස් නටපු හැටි
00:41
Video thumbnail
රටක් දියුණු වෙයිද මෙහෙම මිනිස්සු ඉන්නකල්...
00:19
Video thumbnail
විශේෂ කැපැකිරීමක් කළා පෙරහැරට ගෞරවනීය බවක් දෙන්න - කිරිවෙහෙර රජමහා විහාරාධිපති ජනපතිව අගයයි
04:01
Video thumbnail
කතරගමට ගිහින් ජනපති අනුර සංස්කෘතිය ගැන කිව්ව කතාව - තරුණ සමාජය සංස්කෘතික උරුමයන්න්ගෙන් ඈත්වෙලා ?
06:43
Video thumbnail
ෆයිඩ් රයිස් කන්න දන්සලට ගිය ඇමති නලින්ද
00:52
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ ජනාධිපති අනුර
01:34
Video thumbnail
නීතිඥ සංගමය සහ සංඝ සමුළු ගැන සුසිල්ගෙන් සැර කතාවක් - දේශපාලන මැදිහත්වීම් කරන සංස්කෘතිය ඉවරයි
05:50
Video thumbnail
මෙරටට ගෙන ආ මෙට්‍රෝ බස් රථ නැවෙන් බාපු හැටි මෙන්න - ඔබ නොදුටු දර්ශන පෙළක්
05:23
Video thumbnail
ෆයිඩ් රයිස් කන්න දන්සලට ගිය ඇමති නලින්ද..හිනාවෙවී දන්සල් කන හැටි
01:24