ඉන්දුනීසියානු නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් KRI Raden Eddy Martadinata (331) නෞකාව නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ කොළඹ වරායට පැමිණ තිබෙනවා.

නාවික සම්ප්‍රදායානුකූලව නෞකාව පිළි ගත් බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව කියාසිටියේ.

KRI Raden Eddy Martadinata (331) යනු මීටර් 105.02ක් දිග නෞකාවක් වන අතර එය කාර්ය මණ්ඩලයේ 138 දෙනෙකුගෙන් සමන්විත වන අතර අණදෙන නිලධාරියා වන්නේ කපිතාන් නොප්‍රියාඩි හන්ලා යි.

මේ අතර, නෞකාවේ අණදෙන නිලධාරීවරයා අද බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා හමු වී තිබෙනවා.

නිල සංවාදයේදී ඔවුන් අදහස් හුවමාරු කරගත් අතර සමරු තිළිණ හුවමාරුවකින් සුහද හමුව අවසන් කෙරුණා.

නිල සංචාරය අවසන් කරමින් KRI Raden Eddy Martadinata (331) ඉරිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16
Video thumbnail
NPP ආණ්ඩුව බුද්ධ ධර්මය පිළිගන්නවද..? ගස් ගල්වලට වඳින මිනිස්සු කියලානේ කිව්වේ එයාලා..
00:21
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43