spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දුනීසියානු නාවික හමුදා නෞකාවක් කොළඹ වරායට

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් KRI Raden Eddy Martadinata (331) නෞකාව නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ කොළඹ වරායට පැමිණ තිබෙනවා.

නාවික සම්ප්‍රදායානුකූලව නෞකාව පිළි ගත් බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව කියාසිටියේ.

KRI Raden Eddy Martadinata (331) යනු මීටර් 105.02ක් දිග නෞකාවක් වන අතර එය කාර්ය මණ්ඩලයේ 138 දෙනෙකුගෙන් සමන්විත වන අතර අණදෙන නිලධාරියා වන්නේ කපිතාන් නොප්‍රියාඩි හන්ලා යි.

මේ අතර, නෞකාවේ අණදෙන නිලධාරීවරයා අද බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතා හමු වී තිබෙනවා.

නිල සංවාදයේදී ඔවුන් අදහස් හුවමාරු කරගත් අතර සමරු තිළිණ හුවමාරුවකින් සුහද හමුව අවසන් කෙරුණා.

නිල සංචාරය අවසන් කරමින් KRI Raden Eddy Martadinata (331) ඉරිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?