පොරෝ පහරින් අවසන් ගමන් ගිය පුද්ගලයා

පොල්ගහවෙල, හැවනගල ප්‍රදේශයේ පොරවකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවටයි.

මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට මෙලෙස පොරවකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනයට ලක්වූ තැනැත්තා පොල්ගහවෙල, වැලිකඩහේන ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

අපරාධය සිදුකළ 40 හැවිරිදි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු පොල්ගහවෙල පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?