බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් අනතුරකට ලක්ව හතරක් ජීවිතක්ෂයට (ඡායාරූප)

බ්‍රසීලයේ පාපන්දු කණ්ඩායමක් රැගත් බස් රථයක් පාලමකින් පහළට වැටී අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අඩි 32ක් පමණ උසැති පාලමකින් මෙම බස් රථය වැටී ඇති බවයි.

මෙම අනතුරින් පුද්ගලින් සිව්දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරුට පාලම මතදී බස් රථය පාලනය කරගැනීමට නොහැකිව ආරක්ෂක බැම්මේ වැදී ඉන් පහළට වැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ අවුරුදු 14-17 අතර වයසේ පසුවන යෞවනයන් තිදෙනෙකු සහ එක් වැඩිහිටියෙකු බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

තුවාල ලැබූවන් සාඕ සැල්වදෝර් රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?