වසන්ත නිදහස් කිරීමේ තීන්දුව ලබා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙන්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (31) නියෝග කළා.

සැකකාර වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.

එම ඉල්ලීම පිළිබඳ සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබා දුන්නා.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පින්ඩනය තුළින් ඔහු ස්ථාන ගණනාවක විරෝධතාවල නිරතවෙමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකර ඇති බවට තොරතුරු සඳහන් වන බවයි.

එමෙන්ම සැකකරු විශාල මුදල් පරිහරණයක නිරත වී තිබෙන බවත් එම සාක්ෂි සම්පිණ්ඩන වල සටහන් වන බව ද මහේස්ත්‍රාත්වරයා පැවසුවා.

වැඩිදුරටත් නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ,

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතික ලෙස භාවිතා කළ අවස්ථා අතීතය පිරික්සීමේ දී පෙනී යනවා. ඇතැම් අවස්ථාවල පුද්ගලයින් දීර්ඝ කාලයක් රිමාන්ඩ් ගත කිරීමේ චේතනාවෙන් පොලීසිය මෙම පනත භාවිතා කළ අවස්ථා නිරීක්ෂණය කළ හැකියි. මෙම සැකකරුට එරෙහිව මෝටිවේෂන් අප්පච්චි සහ ගැමුණු විජේරත්න යන පුද්ගලයින් දෙදෙනාගේ සාක්ෂි ප්‍රධාන වශයෙන් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මෝටිවේෂන් අප්පච්චි නැමැති සාක්ෂිකරු ලබාදී ඇති ප්‍රකාශය තුළින් අරගලය මුල දී සාමකාමී ආකාරයෙන් පැවතුණත්, සැකකරු ඇතුළු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊට එක් වීමත් සමගම එය ප්‍රචණ්ඩ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් වසන්ත මුදලිගේ නමැති සැකකරු ප්‍රචන්ඩ ක්‍රියා සිදුකළ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙය වූ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම සඳහා උපදෙස් දුන් බවක් මෝටිවේෂන් අප්පච්චි නැමැති සාක්ෂිකරුගේ සාක්ෂිවලින් අනාවරණය වන්නේ නැහැ.ඒ වගේම ගැමුණු විජේරත්න නැමැති සාක්ෂිකරුගේ සාක්ෂිවලින් සැකකරු විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමඟ මුදල් හුවමාරු කරගත් බව සඳහන් කර තිබෙනවා.එහෙත් පොලිසිය මෙම සැකකරු මාස ගණනාවක් රඳවාගෙන විමර්ශනය කළ ද එම විමර්ශන වලින් සැකකරු විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමඟ සම්බන්ධකම් පවත්වමින් මූදල් ලබාගත් බවත් අනාවරණය වී නැහැ. ඒ අනුව මෙම සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ පදනමක් නොමැති හුදු ප්‍රකාශ පමණක් බව පෙනී යනවා”

ඒ අනුව අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවලින් සැකකාර වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් අනාවරණය නොවන බවත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කළා.

වැඩිදුරටත් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා,

“සැකකාර වසන්ත මුදලිගේ අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකු ඇද ගෙන ගොස් පහර දුන් බවට සාක්ෂි සම්පිණ්ඩනය තුළ සාක්ෂියක් ඉදිරිපත් වී තිබෙනවා. සිද්ධියට සම්බන්ධ එම පොලිස් සැරයන්වරයා ත්‍රස්ත මර්දන කාර්යාංශයට ලබාදුන් ප්‍රකාශයේ ඒ බව සඳහන් කළා. එහෙත් එම පොලිස් සැරයන්වරයාම තලංගම පොලිසියට ලබා දුන් සිය මුල් ප්‍රකාශයේ සැකකරු විසින් කළැයි කියන එවැනි පහර දීමක් ගැන සඳහන් කර නැහැ. එම පහරදීම සිදු වුණ අවස්ථාවේදී එම ස්ථානයේ විශාල පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිට ඇති බව සාක්ෂිවල සඳහන් වෙනවා. එවැනි පහරදීමක් සිදු වුණා නම් අනෙක් නිලධාරීන් ද එය දැක තිබිය යුතුයි. එහෙත් වෙනත් කිසිඳු පොලිස් නිලධාරියෙකු එවැනි පහරදීමක් සිදු වූ බව සඳහන් කර නැහැ.”

යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා එම සාක්ෂිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක්කරමින් සැකකරු දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අරමුණින් පසුව නිර්මාණය කරන ලද සාක්ෂියක් වශයෙන් පෙනී යන්නේ යැයි ද කියා සිටියා.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ සැකකාර වසන්ත මුදලිගේ රාජ්‍ය දේපල වලට පහර දී අලාභහානි සිදු කිරීම, මංමාවත් වලට හානි කිරීම හෝ අනර්ථයක් සිදුකළ බවට සාක්ෂි කිසිවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ සාක්ෂි සම්පින්ඩනය තුළින් අනාවරණය නොවන බවයි.

එමෙන්ම සැකකරු ජාතිවාදය හෝ ආගම්වාදය මතුවන ආකාරය ප්‍රකාශ සිදුකළ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා,

” සැකකරු කොටුව පොලිස් මූලස්ථානය අසල දී සහකාර පොලිස් අධිකාරී රොද්‍රිගු නැමැති නිලධාරියාට බැනවදිමින් මරණීය තර්ජන එල්ල කර බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩන සඳහන් කර තිබෙනවා. එහෙත් එම සහකාර පොලිස් අධිකාරීවරයා කොටුව පොලිසියට ලබාදුන් සිය මුල් ප්‍රකාශයේ එවැනි තර්ජනය කිරීමක් ගැන සඳහන් කර නැහැ. එවැනි තර්ජනයක් කර තිබුණේ නම් එය ඔහුගේ මුල් පොලිස් ප්‍රකාශයේ සඳහන් කර තිබිය යුතුයි.”

එසේ නොකිරීම තුළින් පෙනී යන්නේ එම සාක්ෂිය ද මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතයට ලක් කරමින් රඳවා ගැනීම සඳහා පසුව නිර්මාණය කරන ලද්දක් යැයි මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කර සිටියා.

මෙම සියලු කරුණු පිරික්සීමේ දී සැකකරු එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 02 සහ 03 යන වගන්ති යටතේ වරදක් සිදුකිරීමට අනුශාසනා කිරීම, කුමන්ත්‍රණය කිරීම හෝ ආධාර අනුබලදීම සිදු කළ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය නොවන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසුවා.

ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තමන්ට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා වසන්ත මුදලිගේ නිදහස් කරන බවත් අවසානයේ දී සිය නියෝගය තුළින් සදහන් කර සිටියා.

  1. WASANTHA KOLUWATA JAYA WEWA!!! DAN KOLUWO BULLET LAWYERS LA (MENADUWATA PENI SITEE AYA HONDATOMA ATHI). HARAHA APAHASA NISA KERTHI NAMAYATA UNA HANIYA, SAPARADHEE THRASTHA CHODHANA, MANAWA HIMIKAM KADAWEEMA, AYUKTHISAHAGAHA LESA RANDHAWA THABAGANEMA ADHE MEKEE MOKEE OKKOMA SET KALATA BILLION GANAK ILLALA NADU DAPAN. ME SINHALA APAGE RATAYI KIYUWATA BAN MEKA AYITHI UMAGE RAHEYI UNTA. APITH MEKATA PENALA BOLAGE MUTHUN MOTHTHO MARA DALA MEKA BALEN ALLA GANIPU UN. OKA THAMAYI AUSTRALIN, NEW ZEALAND, SOUTH AFRICA, USA, ZIMBABWE, LATIN AMERICA, CANADA WANI RATAWAL KALETH.

  2. KETIYEN KIYANAWANAM MEKAYI UNE. KAWURUTH WADIYA DANNE NAHTJ, DENA GATHTHATH GANAN GATHTHE NATHI, GANAN GATHTHATH ETA KOLUWEK LESA HITHAGENA HITIYA EKA HENAAAAA WEERODHARA PORAK KALA ME GON MUSAL ANDUWA. APE GONS LA TATH ITHIN MEWA THAMAYI ONA. DAN MU CHANDHE ILLUWATH MU JANADHIPATHI WENNA IDAKADA BOHOMAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32