සෙල්ලමට හැංඟුණු දරුවා දින 05කට පසු මැලේසියාවෙන් මතුවෙයි

බංග්ලාදේශයේ – චිතගොං නුවර කන්ටේනර් පර්යන්තයක සිය මිතුරන් සමඟ හොරා පොලිස් සෙල්ලමේ නිරතවීමට කන්ටේනරයක් තුළ සැඟවුණු දරුවෙක් දින 05කට පසු මැලේසියාවෙන් හමුවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

15 හැවිරිදි පිරිමි දරුවෙක් මෙලෙස කිලෝමීටර් 3,000කට වඩා දුරින් පිහිටි මැලේසියාවේ කන්ටේනර් පර්යන්තයකින් හමුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

අදාළ දරුවා මිතුරන්ගෙන් සැඟවී සිටීමට කන්ටේනරය තුළ සැඟවුණු අවස්ථාවේ දී එය අගුළුලෑම හේතුවෙන් ඔහු ඒ තුළ සිරව තිබෙනවා.

දරුවා මෙලෙස සැඟවී ඇත්තේ මැලේසියාවට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ කන්ටේනර් තොගයකට අයත් කන්ටේනර් පෙට්ටියක් තුළ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දරුවා සිරව සිටි කන්ටේනරය සහ තවත් කන්ටේනර් තොගයක් රැගෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාව පසුගිය 12 වනදා මැලේසියාවේ ක්ලෑං වරාය බලා ගමන් ආරම්භ කර තිබෙනවා.

දින 05ක දීර්ඝ ගමනකින් පසු නෞකාව මැලේසියාවේ ක්ලෑං වරායට සේන්දු වී ඇත්තේ පසුගිය 16 වනදායි.

එහිදී නෞකාවෙන් ගොඩබාන ලද කන්ටේනරය පරීක්ෂා කිරීමේ දී එහි සේවක පිරිසකට කන්ටේනරය තුළ සිරවී සිටි දරුවා හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

එම අවස්ථාව් දින ගණනක් ජලය සහ ආහාර නොමැතිව කන්ටේනරය තුල සිරව සිටි දරුවා දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බව සඳහන්.

කුසගින්න, බිය සහ දැඩි මානසික ව්‍යාකූලත්වයට පත්ව සිටි එම දරුවා විජලනයට ලක්ව සිටි බවත්, වහාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගත් බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මැලේසියානු බලධාරීන් පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් බංග්ලාදේශයේ විදේශ අමාත්‍යාංශයට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කළ ෆාමසියක් කොටුවෙයි
01:34
Video thumbnail
මේ මාලිමාවේ සභාපතිට කොන්දක් නෑ
03:37
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
08:11:23
Video thumbnail
මේ මංකොල්ලකාරයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න
04:07
Video thumbnail
රුපියල වගේම අනුර කුමාරත් මස්තබාල්දු වෙලා
11:11
Video thumbnail
අනුර නන්දලාල්ව හුරතල් කර කර ඔහේ බලාගෙන ඉන්නවා
04:37
Video thumbnail
නාමල් පිල්ලෙයාන් එක්ක කුටු කුටු ගෑවේ මොනවද කියලා කියන්න දැන්..X පණිවුඩ දාලා හරියන්නේ නෑ
03:50
Video thumbnail
සජබේ ලොක්කන්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
10:30
Video thumbnail
අටමස්ථානාධිපතිගේ ප්‍රශ්නය යට ගහන්න කරපු වැඩක්..දිලුම්ගේ ප්‍රකාශය නිසා එම දැරියට අගතියක් වෙනවා..
04:40
Video thumbnail
"මම කිව්ව එක විකෘති කරලා සමාජ මාධ්‍ය ගහන්නේ".. එදා කිව්ව කතාවට අද දෙන උත්තරය
02:37