දුම්රියකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

දෙහිවල දුම්රිය ස්ථානය අසල දී ඊයේ (30) සවස දුම්රියකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මාතර සිට මහනුවර බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ ගමන්කළ පුද්ගලයෙක් මෙලෙස දුම්රියෙන් ඇද වැටී ඇති බවයි.

අනතුරින් මියගිය පුද්ගලයා වයස අවුරුදු 30ක කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත්කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?