බොලිවුඩ් තරු දෙකක් ඇමති හරීන් හමුවෙයි (ඡායාරූප)

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ බොලිවුඩයේ සිනමාවෙිදීන් වන සංජය කපූර්, චුන්කි පාන්ඩේ අතර හමුවක් කොළඹදී සිදු වුණා.

සංජය කපූර්, චුන්කි පාන්ඩේ සංචාරයක් සඳහා මෙරටට පැමිණි අවස්ථාවේ දී මෙලෙස මුණගැසී සාකච්ඡා පැවැත්වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා ලබාදිය හැකි උපරිම සහය ලබාදෙන බව ඔවුන් දෙපළ මෙහිදී සඳහන් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් බොලිවුඩයේ සුපිරි තරු මෙරටට කැදවාගෙන එන බවට ද සංජය කපූර් සහ චුන්කි පාන්ඩේ තමා සමඟ පැවසූ බවයි හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?