විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමක දී පුද්ගලයින් 285ක් අත්අඩංගුවට

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් අද (29) දිනයේ සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 285 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රාශියක් සිටින බවයි.

මෙම විශේෂ මෙහෙයුම සඳහා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ද යොදාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් මත මෙම විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?