2023 වසර ආරම්භයේදී ම ඩෙංගු රෝගීන් 4400කට ආසන්න සංඛ්‍යාවක්

වසරේ මේ දක්වා ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 4,387ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්කවලින්.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ 2023 වසරේ මේ දක්වා ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 741ක් කොළඹින් වාර්තා වී ඇති අතර පුත්තලමෙන් රෝගීන් 625ක් වාර්තා වී ඇති බවයි.

මේ අතර, ගම්පහින් රෝගීන් 491ක් ද, කල්මුණේ 397ක් ද, යාපනයෙන් රෝගීන් 351ක් ද වාර්තා වී තිබෙනවා.

2022 වසරේ දී ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් 66,376ක් වාර්තා වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2017 වසරේ 29 වැනි සතියේදී යි.

2017 වසරේ පැතිර ගිය ඩෙංගු රෝගී තත්ත්වය හේතුවෙන් මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරිසරයෙන් නිතිපතා ඉවත් කිරීම සිදු කෙරුණා.

රෝගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් හේතුවෙන් සාපේක්ෂව අඩු මරණ සංඛ්‍යාවක් වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

උණ ඇති වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සහ අවම වශයෙන් රෝගය වැළඳී දින තුනක් ගත වන්නේ නම් අදාළ රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම ඉතා වැදගත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32