කොමිෂන් සභා ගැන වැඩිදුර සාකච්ඡාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳුදා රැස්වේ

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ලබන 30 වෙනිදා සඳුදා නැවතත් රැස්වීමට නියමිතයි.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම පෙරේදා (25) පැවති අතර, එහිදී මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට තීරණය කෙරුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 09ක් පත්කිරීමට නියමිතයි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

ඒ, අනුව එම කරුණ සම්බන්ධයෙන්ද ලබන සඳුදා (30) රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දඹුල්ලට ගිය හර්ෂට, ඇමති වසන්ත සැරටම කියයි
04:04
Video thumbnail
ජනපතිගේ හෙළිකොප්ටර් දෙක විකුණලා යන්නකෝ පාරේ වාහනේ..ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරයි
02:27
Video thumbnail
ඩී.වී.චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි..අවු:76ටම හරියන්න මේ ආණ්ඩුව හොරකම් කරනවා
06:56
Video thumbnail
වැඩි කරපු තෙල් මිල වහාම අඩුකරන්න
05:52
Video thumbnail
සිංහල අවුරුද්දට නැකතක්වත් හදාගන්න බැරි ආණ්ඩුවක් මේක
09:53
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39