මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ලබන 30 වෙනිදා සඳුදා නැවතත් රැස්වීමට නියමිතයි.
ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම පෙරේදා (25) පැවති අතර, එහිදී මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට තීරණය කෙරුණා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා 09ක් පත්කිරීමට නියමිතයි.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.
ඒ, අනුව එම කරුණ සම්බන්ධයෙන්ද ලබන සඳුදා (30) රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගව සඳහන් කළේ.














MUN OKKOMA SEETHALA HORU. PRADHANAMA DAWENA MINISSU DUK WINDHINA, ARTHIKAYA BANKOLOTH UNA, APANAYANA KADAWATEMIN THIYENA, DOLLR ADHAYAMA WADI KARANA, GOVIYATA POHORA DENA, PETROLEUM EKATA CRUDE OIL GENA, CEB EKEN NOKADAWA LIGHT DENA, DUPPATHUNTA SAHANADARA DENA KISIMA DEYAK KATHA KARENNAMA NAHE. KATHA KARANNE API KISIMA DAWSAKA ILLAPU NATHI APITA ONEMA NATHI WENA WENA ………MATA LIYAWENNE YANNE KUNU HARUPA. LIYANNE NAHE.