විදේශ ඇමති ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය හමුවෙයි

විදේශ ඇමති අලි සබ්‍රි සෞදි අරාබියේ ඉස්ලාම් සහයෝගීතා (OIC) සංවිධානයේ මහලේකම් HE Hissein Brahmin Taha හමුවී සාකච්ඡා කර තිබෙනවා.

බහුපාර්ශ්වික සංසදවල සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වූ අතර මානුෂීය සහ ආර්ථික සහාය ද ඉල්ලා සිටි බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

රැස්වීම අතරතුර, දෙපාර්ශ්වයම ශ්‍රී ලංකා රජය අතර සහයෝගිතාව වැඩි දියුණු කිරීමේ අපේක්ෂාවන් සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ගෙන ඇති පියවර පිළිබඳව විදේශ අමාත්‍යවරයා මහලේකම්වරයාට පැහැදිලි කර තිබෙනවා.

මේ අතර විදේශ අමාත්‍යවරයා මදීනා ආණ්ඩුකාර ෆයිසාල් බින් සල්මාන් බින් අබ්දුල්අසීස් අල්-සෞද් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඵලදායීව පැවති මෙම හමුවේදී මූලික වශයෙන් අවධානය යොමු වූයේ කලාපයේ ශ්‍රී ලාංකිකයින් සඳහා වැඩි රැකියා අවස්ථා, ආයෝජනය කිරීම සහ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ පවතින අවස්ථාවන් පිළිබඳව බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?