සංවර්ධන ක්‍රියාදාමයේ දී විශ්ව විද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් – ජනපති

සියවන නිදහස් සැමරුම (2048) වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු තරුණ, තරුණියන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටේ සංවර්ධන ක්‍රියාදාමයේ දී විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ 75 වන නිදහස් සැමරුමට සමගාමීව “ජාතික යොවුන් වේදිකාව” ගොඩනැඟීම පිළිබඳ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිව යුතු හවුල්කරුවන් ලෙස දායක කර ගැනීම ජාතික යොවුන් වේදිකාව නිර්මාණය කිරීමේ අරමුණයි.

සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගනිමින් සියලු දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර සංචාරක නගර ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ද මේ යටතේ ක්‍රියාවට නැංවීමට නියමිත අතර ඊට අදාළ සැලස්ම මෙහිදි ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන යාපනය සහ වවුනියාව විශ්වවිද්‍යාල විසින් ද අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාල සංචාරක සැලසුම් කැලණි විශ්වවිද්‍යාලය සහ රජරට විද්‍යාලය විසින් ද ඉදිරිපත් කර තිබෙනවා.

රුහුණු විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය සහ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒකාබද්ධව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කර ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කොළඹ‍‍ දිස්ත්‍රික්කය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයට අදාළව පේරාදෙණිය, වයඹ සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල ඒකාබද්ධව සකස් කළ සැලැස්ම ද මෙහිදී ඉදිරිපත් කෙරණු අතර මඩකලපුව දිස්ත්‍රික්කය සදහා වන සංචාරක ප්‍රවර්ධන සැලැස්ම නැගෙනහිර සහ අග්නිදිග විශ්වවිද්‍යාලය විසින් සකස් කර තිබුණා.

මෙම සියලු ව්‍යාපෘති පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවා ක්‍රියාවට නැංවීමේදී පෞද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගැනීමේ හැකියාව පෙන්වා දී තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රජාව රටේ සංවර්ධන වැඩපිළිවෙළට දායක කර ගැනීම ඉතා හොඳ ප්‍රවණතාවයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික යොවුන් වේදිකාවට සම්බන්ධ මෙම වැඩසටහනට විශ්ව විද්‍යාලය පද්ධතිය දක්වන දායකත්වය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43