සංවර්ධන ක්‍රියාදාමයේ දී විශ්ව විද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් – ජනපති

සියවන නිදහස් සැමරුම (2048) වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු තරුණ, තරුණියන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටේ සංවර්ධන ක්‍රියාදාමයේ දී විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ 75 වන නිදහස් සැමරුමට සමගාමීව “ජාතික යොවුන් වේදිකාව” ගොඩනැඟීම පිළිබඳ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිව යුතු හවුල්කරුවන් ලෙස දායක කර ගැනීම ජාතික යොවුන් වේදිකාව නිර්මාණය කිරීමේ අරමුණයි.

සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගනිමින් සියලු දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර සංචාරක නගර ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ද මේ යටතේ ක්‍රියාවට නැංවීමට නියමිත අතර ඊට අදාළ සැලස්ම මෙහිදි ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන යාපනය සහ වවුනියාව විශ්වවිද්‍යාල විසින් ද අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාල සංචාරක සැලසුම් කැලණි විශ්වවිද්‍යාලය සහ රජරට විද්‍යාලය විසින් ද ඉදිරිපත් කර තිබෙනවා.

රුහුණු විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය සහ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒකාබද්ධව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුම් කර ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කොළඹ‍‍ දිස්ත්‍රික්කය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයට අදාළව පේරාදෙණිය, වයඹ සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල ඒකාබද්ධව සකස් කළ සැලැස්ම ද මෙහිදී ඉදිරිපත් කෙරණු අතර මඩකලපුව දිස්ත්‍රික්කය සදහා වන සංචාරක ප්‍රවර්ධන සැලැස්ම නැගෙනහිර සහ අග්නිදිග විශ්වවිද්‍යාලය විසින් සකස් කර තිබුණා.

මෙම සියලු ව්‍යාපෘති පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවා ක්‍රියාවට නැංවීමේදී පෞද්ගලික අංශයේ ද දායකත්වය ලබා ගැනීමේ හැකියාව පෙන්වා දී තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රජාව රටේ සංවර්ධන වැඩපිළිවෙළට දායක කර ගැනීම ඉතා හොඳ ප්‍රවණතාවයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික යොවුන් වේදිකාවට සම්බන්ධ මෙම වැඩසටහනට විශ්ව විද්‍යාලය පද්ධතිය දක්වන දායකත්වය පිළිබඳ සිය ප්‍රසාදය පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?