විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසු විපරමට කැඳවයි – අමාත්‍යාංශ ලේකම් කරුණු 13 පිළිබඳ පිළිතුරු බඳී

2023/01/18 දින කෝප් කමි‍ටුවේ සභාපති රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් කෝප් කමි‍ටුව විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ කැඳවීම කරන ලද්දේ 2022.12.08 දින කාරක සභා රැස්වීමේදී දෙන ලද නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය සඳහායි. ඒ යටතේ කරුණු 13 ක් සාකච්ඡාවට ගනු ලැබුවා.

  1. විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන ආයතනයක් ලෙස කටයුතු කිරීම සඳහා සුදුසු ආකාරයට එහි පනත සංශෝධනය විය යුතු බව කෝප් කමි‍ටුව සිය නිර්දේශය පිළිබද මතය නැවත ඉදිරිපත් කරන ලදී.

අධ්‍යක්ෂක මණ්ඩලයට විදේශ ‍රැකියා නියෝජිතයෝ දෙදෙනෙක් පත් කරන්නේ කවර හේතු නිසාදැයි අමාත්‍යාංශ ලේකම් වරයා අදහස් දක්වන ලදී. එහිදී කෝප් කමි‍ටුවේ අදහස වුණේ ඒ හරහා ලැදියාවන්ගේ ඝට්ඨනයක් ඇති වෙන බවයි.

කාර්යාංශයේ සමහර කරුණු පිළිබද විශේෂඥ අවබෝධයක් අවශ්‍යනම් ඒ සඳහා වන අනු කමි‍ටුව, කාර්ය සාධන බලකායන් පත් කර අවශ්‍ය උපදෙස් සපයා දිය යුතු බව කෝප් කමි‍ටුවේ අදහස විය. එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන ආයතනක් ලෙස ක්‍රියාත්මක වීම සඳහා ගැලපෙන ආකාරයට පනත සංශෝධනය කරගැනීමට නිර්දේශ කරන ලදී.

  1. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන අරමුදල සඳහා වන වෙනම ගිණුමක් පවත්වාගෙන යාමට කෝප් කමි‍ටුව කරන ලද නිර්දේශ නැවත සාකච්ඡාවට ගැනිණ. විගණකාධිපතිවරයා විශේෂයෙන් සඳහන් කරන ලද්දේ, කාර්යංශයේ සුබසාධන ගිණුම සම්බන්ධයෙන් වෙනම මූල්‍ය ප්‍රකාශනක් හා ගිණුම් කට්ටලයක් පවත්වාගෙන යායුතු බවය. එමෙන්ම අරමුදල විගමන සුභ සාධනය සදහා පමණක් යොදා ගත යුතු බවයි. ඊට විදේශ සේවා නියුක්ති කාර්යාංශය එකඟතාවය පළ කරන ලදී.
  2. කුවේට් අරමුදල ඵලදායී ලෙස ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා විය. ඒ පිළිබද සවිස්තර සටහනක් ලේකම්වරයා කමිටුව වෙත යොමු කිරීමට එකඟ විය.
  3. කාර්යාංශය විසින් ගෙවීම් හා දීමනා සම්බන්ධයෙන් අදාළ ආයතනවලින් විධිමත් අනුමතිය ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා විය. ඒ වෙනුවෙන් විගණකාධිපතිවරයාගේ මතය ක්‍රියාවට නැංවීමට යෝජනා කෙරින.
  4. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව විශේෂ කමි‍ටුවක් පත් කිරීම පිළිබදව විගණකාධිපතිවරයාගේ මතය ක්‍රියාවට නැංවීමට තීන්දු විය.
  5. රක්ෂණාවරණ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගෙන් විශේෂ වාර්ථාවක් කැදවීමට තීන්දු විය.
  6. කාර්යංශයේ සිදුවී ඇතැයි සැලකෙන යම් යම් දූෂණ සහ අක්‍රමිතා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සම්බන්ධ කරගනිමින් පරීක්ෂාකිරීමට පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම සම්බන්ධයෙන් කළ නිර්දේශ පිළිබඳ නැවත සාකච්ඡාවට ගැනින.
  7. විදේශ දූත මණ්ඩල වලට නිලධාරීන් පත් කිරීම පිළිබඳව අනුගමනය කරන ක්‍රමවේදයන් පිළිබඳව කෝප් කමි‍ටුවට තම නිර්දේශ කඩිනමින් ඉදිරිපත් කරන බව ලේකම්වරයා පොරොන්දු විය.
  8. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රමානුකූලව ව්‍යාපාරික කටයුතු වලින් බැහැර වී නියාමන ආයතනයක් ලෙස කටයුතු කිරීමේ භූමිකාව සකස් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කරමින් නීති රීති සකස් කර ගැනීමට කෝප් කමි‍ටුව නිර්දේශ සැලකිල්ලට ගනිමින් සංයුක්ත සැලැස්ම 2022/02/09 දින කෝප් කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමටද නිර්දේශ කරන ලදී.
  9. දැනට කාර්යාංශය කරනු ලබන පුහුණු වැඩසටහන් ක්‍රමයෙන් අදාළ රාජ්‍ය ආයතන වලට භාර දීමට නිර්දේශ කෙරුණි.විදේශ සේවා නියුක්ති කාර්යාංශය වානිජ හා ව්‍යාපාර කටයුතුවලින් බැහැර වී ව්‍යාපාර කටයුතු සඳහා පිහිටවා තිබෙන ආයතන සමග කටයුතු කරන්නේ කෙසේදැයි කරුණු වාර්තාකරන ලෙස අමාත්‍යංශ ලේකම් වරයාගෙන් ඉල්ලා සිටින ලදි.
  10. දැනට කාර්යාංශය සතු පුහුණු ආයතනවල තත්ත්ව පරීක්ෂාවක් කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නිර්දේශ කෙරුණි.
  11. මහා භාණ්ඩාගාර නියෝජිතයන් රාජ්‍ය ආයතන වල අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වය දරණ අවස්ථා වල රජයේ නීති රීති වලට පටහැණිව එම ආයතන විසින් ගනු ලබන තීරණයන්ට තමන්ට එකඟ විය නොහැකි අවස්ථා වලදී ඒ සම්බන්ධයෙන් අදාළ විරෝධය ලිඛිතව භාණ්ඩාගාර ලේකම්වරයා හරහා විගණකාධිපතිවරයා සහ කෝප් කමි‍ටුව දැනුවත් කිරීමයි.

මෙම නිර්දේශ සියල්ලෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර කාරක සභාව මෙම නිර්දේශ සම්බන්ධයෙන් තවදුරටත් සිදු කළ යුතු ඉදිරි පියවර පිළිබඳව ද පැහැදිළි කරන ලදි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?