පාර්ලිමේන්තුවට ගිය ආදිවාසී නායකයන්ගෙන් ඉල්ලීම් රැසක්

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ප්‍රමුඛ මෙරට වෙසෙන ආදිවාසි ප්‍රජාවගේ නායකයෝ රැසක් ඊයේ (17) පාර්ලිමේන්තුවට පැමිණ කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඌව, නැගෙනහිර උතුරු මැද සහ අනෙකුත් පළාත්වල ජීවත් වන ආදිවාසී කණ්ඩායම් හමුවී ඔවුන් මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සකස් කළ ප්‍රතිපත්ති සහ ඉල්ලීම් මාලාවක් කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා වෙත භාර දීම මෙහිදී සිදු වූ බවයි පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය කියාසිටියේ.

මෙහිදී පැවති සාකච්ඡාවලදී ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් පෙන්වා දුන්නේ ආදිවාසි ජනතාවගේ පැවැත්ම, අයිතීන් සහ නිදහස පිළිගෙන ඔවුන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සදහා නීති සම්පාදනය කරමින් නව පනතක් සැකසීම කාලීන අවශ්‍යතාවක් බවයි.

ආදිවාසි ජනතාවගේ උන්නතිය සදහා යම් පියවර විවිධ අවස්ථාවලදී ගෙන තිබුණද ඒවාට නෛතික ශක්තිමත් බවක් නොමැතිවීම නිසා සිය ජීවනෝපාය සිදුකිරීමේදී ආදිවාසි ජනතාවට මුහුණදීමට සිදුවන විවිධ ගැටලු පිළිබඳව ප්‍රාදේශීය ආදිවාසි නායකයන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

1963 වසරෙන් පසු මෙරට ආදිවාසි ජනතාවගේ දත්ත සම්බන්ධයෙන් සංගණනයක් සිදුකොට නොමැති වීම ගැටලුවත් බවයි ඔවුන් මෙහිදී සඳහන් කළේ.

1963 වසරෙන් පසුව සිදුකරන ලද සංගණනවලදී ආදිවාසි ප්‍රජාවගේ දත්ත ‘වෙනත්’ යන කාණ්ඩය යටතේ වර්ගීකරණය කිරීමෙන් අසාධාරණයක් සිදුව ඇති බව ද ආදිවාසි නායකයෝ දැනුම් දෙනු ලැබුවා.

මේ අනුව ලොව ඇතැම් රටවල ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් පිළිගෙන වෙනම පනතක් මගින් ඒ සදහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සපයා ඇති අයුරින් මෙරටද ආදිවාසි ජනතාවට එම පිළිගැනීම සහ අයිතිවාසිකම් හිමිවිය යුතු බවයි මෙහිදී සාකච්ඡා වූයේ.

එසේ ම ආදිවාසී කාන්තාවන් මුහුණ පා තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන පෙන්වා දුන්නේ අදාළ ගැටලු අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡා කර ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සෑම පියවරක්ම ගන්නා බවයි.

එසේම අග්‍රාමාත්‍යවරයා ද ප්‍රකාශ කළේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන බවයි. ආදිවාසී ජනයා ප්‍රාදේශීය වශයෙන් මුහුණ දෙන ගැටලු විස‍ඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සුදුසු පියවර සොයා බලන ලෙස, අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මෙහිදී රාජ්‍ය අමාත්‍ය ගරු අශෝක ප්‍රියන්තට උපදෙස් ලබාදෙනු ලැබුවා.

පාර්ලිමේන්තුවේ කමිටු හරහා ගතහැකි ක්‍රියාමාර්ග ගැන සොයාබලන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන ස‍ංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ පාර්ලිමේන්තුව හරහා කළ හැකි දේ සඳහා විශේෂ අවධානය යොමුකරන බවයි.

ආදිවාසි ජනතාවගේ මෙම ඉල්ලීම් ඉතා සාධාරණ බවත් මේ සදහා සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මෙම අවස්ථාවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරමින් ලයනල් ගුරුගේ, ලලින්ද වික්‍රමරත්න, ලහිරු කිතලගම ඇතුළු පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18