මගීන් සමග ගමන් කළ ගුවන් යානයක් කඩා වැටෙයි

නේපාලයේ පොකාරා ප්‍රදේශයේ ගුවන්යානයක් කඩා වැටී තිබෙනවා.

ආසන 72ක් සහිත මෙම ගුවන් යානය අනතුරට ලක්වන අවස්ථාවන වන විට එහි මගීන් 68 දෙනෙකු පමණ ගමන් කර ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුරට හේතුවක් හෝ ඉන් සිදුවූ ජීවිත හෝ තුවාල සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.

නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථය ආසන්නයේදී මෙම මගී ගුවන් යානය කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති දැනට ගුවන් තොටුපළ වසා දමා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කළා.

අනතුරට ලක් වූ Yeti ගුවන් සේවයට අයත් ගුවන් යානයේ මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු සිටි බව ගුවන්තොටුපල ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

මූලික විමර්ශන වාර්තාවලට අනුව අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ Pokhara ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමට උත්සාහ කිරීමේදී මෙම යානය කඩා වැටී ඇති බව සඳහන්.

ගුවන් යානය ධාවන පථයට කඩා වැටීමත් සමග එය ගිනිගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

සමාජ මාධ්‍යවල පළ කරන ලද ඡායාරූප සහ වීඩියෝවල දැක්වෙන්නේ යානය කඩාවැටුණු ස්ථානයෙන් දුමාරයක් පිටවන ආකාරයයි.

ගමන් කළ මගීන් පිරිස අතර විදේශ ජාතිකයන් 10 දෙනෙකු ද සිට ඇති අතර ඔවුන් කුමන රටවල සිට පැමිණි අය ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

පසුගිය 2022 වසරේ මැයි මාසයේදී, නේපාල ගුවන් සේවය වන ටාරා එයාර් සමාගමට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ නේපාල ජාතිකයන් 16 දෙනෙක්, ඉන්දියානුවන් හතර දෙනෙක් සහ ජර්මානුවන් දෙදෙනෙක් මිය ගියා.

2018 මාර්තු මාසයේදී US-Bangla Airlines ගුවන් යානයක් කත්මණ්ඩු හි දුෂ්කර ජාත්‍යන්තර ගුවන් තොටුපළක් අසලට කඩා වැටීමෙන් පුද්ගලයන් 51 දෙනෙකුට දිවි අහිමි වුණා.

එම අනතුර 1992 වසරෙන් පසු නේපාලයේ සිදුවූ මාරාන්තිකතම අනතුර වූ අතර, පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කත්මන්ඩු වෙත ළඟා වන විට කඩා වැටීමෙන් එහි සිටි 167 දෙනාම 1992 වසරේ මරණයට පත්වුණා.

මීට මාස දෙකකට පෙර, තායි එයාර්වේස් ගුවන් යානයක් එම ගුවන් තොටුපළ ආසන්නයේදීම කඩා වැටී 113 දෙනෙකු ද මිය ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14