මත්පෙති සමග 3ක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් අලෙවි කිරීමට සූදානම් වෙමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව වැලිපැන්න පොලිසිය ඊයේ පස්වරුවේයි වැටලීම සිදුකර ඇත්තේ.

මෙහිදී මත්පෙති 455ක් අඩංගු පෙට්ටි 5ක් සන්තකයේ තබා ගෙන අලෙවි කිරීමට සූදානමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු වෑන් රථයක් ජංගම දුරකථන දෙකක් සහ මුදල් රුපියල් 23590ක් සමග අත්අඩංගුවට ගැණුනා.

අවුරුදු 28, 31 සහ 47 වයස්වල පසුවන සැකකරුවන් වැලිපැන්න සහ දර්ගා නගරයේ පදිංචිකරුවන්.

කොළඹ සිට වැලිපැන්න දක්වා මෙම මත්පෙති තොගය ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වී ඇතැයි සඳහන්.

සැකකරුවන් අද මතුගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිපැන්න පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?