මත්පෙති සමග 3ක් අත්අඩංගුවට

මත්පෙති තොගයක් අලෙවි කිරීමට සූදානම් වෙමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව වැලිපැන්න පොලිසිය ඊයේ පස්වරුවේයි වැටලීම සිදුකර ඇත්තේ.

මෙහිදී මත්පෙති 455ක් අඩංගු පෙට්ටි 5ක් සන්තකයේ තබා ගෙන අලෙවි කිරීමට සූදානමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු වෑන් රථයක් ජංගම දුරකථන දෙකක් සහ මුදල් රුපියල් 23590ක් සමග අත්අඩංගුවට ගැණුනා.

අවුරුදු 28, 31 සහ 47 වයස්වල පසුවන සැකකරුවන් වැලිපැන්න සහ දර්ගා නගරයේ පදිංචිකරුවන්.

කොළඹ සිට වැලිපැන්න දක්වා මෙම මත්පෙති තොගය ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වී ඇතැයි සඳහන්.

සැකකරුවන් අද මතුගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිපැන්න පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59