අද (13) දිවයිනේ බොහෝ ප්රදේශවලට වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.
හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි අතර නුවරඑළිය දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇති වීමේ හැකියාවක්ද පවතින බව වාර්තා කළා.
දිවයින වටා මුහුදු ප්රදේශවලට වලටද වැසි රහිත කාලගුණික තත්වයක් පවතින බවත් සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-35) පමණ වන බවත් එම දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ වැඩි විය හැකි බවත් මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට රළු වන බවත් දිවයින වටා සෙසු මුහුදු ප්රදේශ මද වශයෙන් රළු විය හැකි බවත් කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටිනවා.