සජිත් හා නෝර්වේජියානු තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මෙරට නෝර්වේජියානු තානාපතිනි May Elin Stener අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුව ඊයේ (02) නෝර්වේජියානු තානාපති කාර්යාලයේ පැවති අතර ඒ සඳහා එහි සඳහා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem ද එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දෙපාර්ශ්වය විසින් පවතින ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක යෙදුණු අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නෝර්වේජියානු තානාපතිනියව දැනුවත් කරමින් ඉන් අත්මිදීමට සමගි ජන බලවේගයට ඇති සැලසුම් සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් සිදු කළේය.

එසේම මෙම වසර මෙරට දේශපාලනයේ තීරණාත්මක වසරක් බවත් මෙම වසර තුළ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙන බැවින් ඒ සම්බන්ධයෙන් ද ඇයව දැනුවත් කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර තිබෙනවා.

එසේම පවතින දුර්දාන්ත පාලනය අවසන් කර ජනතාවාදී ජනහිතකාමී පාලනයක් ඇති වීමෙන් පසු රට නැවත වරක් යථා තත්ත්වයට ගැනීම සඳහා සමගි ජන බලවේගය සැලසුම් කර ඇති ආකාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තානාපතිවරියට පැහැදිලි කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10