ලාෆ් ගෑස් මිලත් පහළට – Breaking

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිලද අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 12.5 kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර තිබෙනවා. එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 3840ක් ලෙසයි.

එමෙන්ම 5kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 110 කින් අඩු කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1542ක් ලෙසයි.