සඳගල සොරකම් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුලු පිරිසක් රිමාන්ඩ්

කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ඒ අනුව සිද්ධියට අදාළව සැකකරුවන් 4 දෙනෙකු මේවන විට අත්අඩංගුවට පත්වී ඇති අතර ඔවුන් සියලුදෙනා මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

මෙම සඳගල ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ලොරියක්, ඩිෆෙන්ඩර් රථයක් සහ බූම් ට්‍රක් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එය නිවසකට ප්‍රවාහනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ. අත්අඩංගුවට පත්වී ඇති සැකකරුවන්ගෙන් දෙදෙනෙක් අදාළ නිවසේ හිමිකරු සහ සඳගල ප්‍රවාහනය කළ ලොරියේ රියදුරායි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි සඳගල නම් ප්‍රකට පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්මාරකය පසුගිය දෙසැම්බර් මස 14 වනදා රාත්‍රීයේ දීයි පැහැරගෙන ගොස් තිබුණේ.

පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළා.

සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්ෂිතයේ සිට සඳගල රැගෙන ආ ටිපර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා බවටයි පොලිසියට හෙළිවී ඇත්තේ.

කෙසේවෙතත් මෙතක් සඳගල සොයා ගැනීමට හැකිවී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38