කැලණිතිස්ස බලාගාරයක් හෙට මැදියම් රැයේ සිට වැසේ

කැලණිතිස්ස විදුලි බලාගාරයක් හෙට (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා.

ඒ විදුලි උත්පාදනයට ප්‍රමාණවත් පරිදි නැප්තා නොමැති වීම හේතුවෙන්.

ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක ධාරිතාවක් අහිමි වනු ඇති බවයි විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය සඳහන් කළේ.

කැලණිතිස්ස බලාගාරය දිනක් ක්‍රියාත්මක කිරීම සදහා නැප්තා ලීටර් ලක්ෂ 9ක් පමණ අවශ්‍ය වන අතර ජල විදුලි ඒකකයකට පසු අඩුම පිරිවැයකින් විදුලිය නිෂ්පාදනය කරනු ලබන්නේ කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් බව සඳහන්.

නැප්තා තොග මේ වනවිට මෙරට තුළ පවතින අතර එසේ තිබියදී බලාගාරය ක්‍රියා විරහිත කිරීමට සිදුවීම ගැටලු සහගත තත්ත්වයක් බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?