කැලණිතිස්ස බලාගාරයක් හෙට මැදියම් රැයේ සිට වැසේ

කැලණිතිස්ස විදුලි බලාගාරයක් හෙට (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා.

ඒ විදුලි උත්පාදනයට ප්‍රමාණවත් පරිදි නැප්තා නොමැති වීම හේතුවෙන්.

ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක ධාරිතාවක් අහිමි වනු ඇති බවයි විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය සඳහන් කළේ.

කැලණිතිස්ස බලාගාරය දිනක් ක්‍රියාත්මක කිරීම සදහා නැප්තා ලීටර් ලක්ෂ 9ක් පමණ අවශ්‍ය වන අතර ජල විදුලි ඒකකයකට පසු අඩුම පිරිවැයකින් විදුලිය නිෂ්පාදනය කරනු ලබන්නේ කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් බව සඳහන්.

නැප්තා තොග මේ වනවිට මෙරට තුළ පවතින අතර එසේ තිබියදී බලාගාරය ක්‍රියා විරහිත කිරීමට සිදුවීම ගැටලු සහගත තත්ත්වයක් බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04